April 25, 2024

මගීන් 251ක් සමඟ යාත්‍රාවක් අනතුරට

December 23, 2017

පිලිපීනයේ නැගෙනහිර පොළිලෝ දූපත ආසන්න මුහුදේ ගමන් කළ මගින් 251කු රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් බොහෝ දෙනකු අනතුරට පත්වී ඇතැයි වාර්තා වේ. 
 
වෙරළාරක්ෂකයින් පවසන්නේ දැනට මළසිරුරු තුනක් සොයාගෙන ඇති බවයි. මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඔවුහු පවසති.
 
මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති අතර අයහපත් කාළගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් මෙම කාර්යය දුෂ්කර වී ඇතැයි පැවසේ. වෙරළාරක්ෂක බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා මේ සඳහා යොදාගෙන ඇත. 
 
මෙය මගීන් 280ක් පමණ ගමන් කළ හැකි යාත්‍රාවක් බවත් එහි පමණට වඩා මගීන් පටවා නොතිබූ බවත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවත් බලධාරීහු පවසති.
 
(රොයිටර්)

 

Rate this item
(0 votes)