March 29, 2024

මෙල්බන් නුවර පදිකයන් වෙත මෝටර් රථයක් ධාවනය කෙරෙයි

December 22, 2017

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆ්ලින්ඩර් මාර්ගයේ ගමන්ගත් පදිකයන් පිරිසක් වෙත මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් 15දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
මෙල්බර්න් නගර මධ්‍යස්ථානය සිද්ධියෙන් පසු වසා දමා ඇති අතර වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.  

තුවාල ලැබූ අය අතර පෙරපාසැල් වියේ පසුවන දරුවකු සිටින බවත් ඔහුගේ හිසට තුවාල සිදු වී ඇති අතර තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති.
 
පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි. ෆ්ලින්ඩර් වීදීය මෙල්බර්න් නගරයේ කාර්ය බහුලත්වයෙන් වැඩිම මාර්ගයක් බව පැවසේ. 

Rate this item
(0 votes)