April 25, 2024

චිලීහි ජනපති ධුරය සෙබස්තියන් පිනේරාට

December 20, 2017

හිටපු ජනාධිපතිවරයෙකු වන සෙබස්තියන් පිනේරා, චිලීහි ජනාධිපතිවරණය ජයගෙන තිබේ.

මේ දක්වා ගණන් කරන ලද ඡන්දවලින් 54%ක් ඔහු දිනාගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවැති ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී මිලියන 14කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියේය. විදේශයන්හි ජීවත් වන චිලී ජාතිකයන්ට මෙවර මැතිවරණයේ දී පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබීම විශේෂත්වයකි.

ධන කුවේරයෙකු වන, කන්සර්වේටිව් පක්ෂ නියෝජනය කරන සෙබස්තියන් පිනේරා පැහැදිලි ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයගෙන ඇත.

වාමාංශික නායකයෙකු නොවන පුද්ගලයෙකු ජනාධිපතිවරණය ජය ගැනීම ද විශේෂත්වයකි.

වාමාංශික ප්‍රතිවාදී අපේක්ෂක ඇලෙජන්ඩ්‍රෝ ගුලියර්, පරාජය පිළිගෙන ඇති අතර ජයග්‍රහණය පිළිබඳ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරාට සුබපතා තිබේ.

Rate this item
(0 votes)