March 29, 2024

මුම්බායිහි වෙළඳසැලක ගින්නක් - 12ක් මරුට

December 19, 2017

ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙළඳසලක ඇතිවූ ගින්නකින් 12දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ මෙම දොළොස්දෙනාම ගින්නෙන් බේරා ගත්තත් ඔවුන් රෝහල් ගත කිරීමට ගෙනයෑමේදී මිය ගිය බවයි. 

වෙළඳසලේ බිම් මහලේ ගින්න හටගෙන ඇති අතර මියගිය සියලු දෙනාම වෙළඳසැලේ සේවය කරමින් සිටි පුද්ගලයන් වන අතර ඔවුන් නවාතැන් ගන්නේ ද එම ස්ථානයේම බව මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය රසකැවිලි විකුණන ස්ථායක් බවත් ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවයි.

(බීබිසී)

Rate this item
(0 votes)