March 29, 2024

ඩිස්නි සමාගම මර්ඩොක්ගේ ෆොක්ස් සමාගම මිලට ගනී

December 17, 2017

ටුවෙන්ටි ෆස්ට් සෙන්චරි ෆොක්ස් (21st Century Fox) සමාගමේ විනෝදාස්වාද ක්ෂේත්‍රයට අයත් වත්කම්, ඩොලර් කෝටි පන්දහස් දෙසිය හතළිහක (බිලියන 52.4) මුදලකට මිලට ගැනීම සඳහා වෝල්ට් ඩිස්නි සමාගම (Walt Disney) එකඟ වී තිබේ.

චන්ද්‍රිකා විකාශන සමාගමක් වන ස්කයි (Sky) ආයතනය තුළ ඇති ෆොක්ස් සමාගමේ 39% කොටස් මෙන්ම ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් (20th Century Fox ) චිත්‍රාගාරය ද ඊට ඇතුළත් බව ඩිස්නි සමාගම නිවේදනය කළේය.

ෆොක්ස් නිව්ස් (Fox News) සහ ෆොස්ක් ස්පෝර්ට්ස් (Fox Sports) ඇතුළු ෆොක්ස් සමාගම අත ඉතිරිවන වත්කම් නව සමාගමක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

අසු හය වෙනි වියේ පසුවන ෆෝකස් සමාගමේ හිමිකරු රූපට් මර්ඩොක්ගේ අඩ සියවසකට වැඩි මාධ්‍ය ජාල ව්‍යාප්තියේ අවසානය ඉහත කී ගිවිසුම මගින් සනිටුහන් කෙරෙයි.

21 වෙනි වියේදී තම පිය උරුමයෙන් ලැබුණු එක් ඕස්ට්‍රේලියානු පුවත් පත් ආයතනයක් ලොව විශාලතම පුවත් සහ චිත්‍රපට අධිරාජ්‍යයක් බවට පත් කිරීමට මර්ඩොක් සමත් විය.

2013 වසරේ දී ටුවෙන්ටි ෆස්ට් සෙන්චරි ෆොක්ස් සමාගමෙන් වෙන් වූ ටයිම්ස් (Times ) සහ සන් (Sun) පුවත්පත් අයත් පුවත් ප්‍රකාශන ජාලයක් වන නිව්ස් කොර්ප් (News Corp) ආයතනයේ පාලනය තවදුරටත් රූපට් මර්ඩොක් යටතේ පවතිනු ඇත.

Rate this item
(0 votes)