April 25, 2024

සෞදි අරාබියේ සිනමා ශාලා විවෘත කිරීමට අවසර

December 16, 2017

වසර තිහකට අධික කාලයක් තහනම් කර තිබුණු වාණිජ සිනමා ශාලා යළි විවෘත කිරීම සඳහා සෞදි අරාබියේ අවසරය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට සංස්කෘතික සහ තොරතුරු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිනමා ශාලා බලපත්‍ර නිකුත් කිරීම වහා ආරම්භ වනු ඇති බවය.

ඒ අනුව 2018 මාර්තු මාසය වනවිට සිනමා ශාලා විවෘත කිරීමට හැකි වනු ඇති බවට එම අමාත්‍යංශය බලාපොරොත්තු පළ කරයි.

අදාළ පියවර ගෙන ඇත්තේ ඔටුන්න හිමි මොහම්මඩ් බින් සල්මාන් කුමරුගේ 2030 වසර සඳහා වන සමාජීය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ දැක්ම යන වැඩපිළිවෙලේ කොටසක් වශයෙනි.

සෞදි අරාබියේ ඉහළම ආගමික බලධරයා වන මුෆ්ටි ෂේක් අබ්දුල් අසීස් අල් ෂේක් ජනවාරි මාසය තරම් මෑත කාලයේ දී සිනමා සහ සංදර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබිණි.

 

Rate this item
(0 votes)