April 24, 2024

රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට

December 15, 2017
මියන්මාරයේදී අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා අතුරුදන් වී ඇති බවට පසුගියදා වාර්තා වී තිබූ අතර ඔවුන් මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පසුව අනාවරණ වී ඇත.
මියන්මාර හමුදාවට අයත් ලියකියවිලි කිහිපයක් හා මියන්මාරයේ රකිනේ පළාතේ සිතියමක් ලඟ තබාගැනීමේ චෝදනාව යටතේ අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත්,  ඔවුන් හට වසර 14ක සිර දඩුවම් හිමිවනු ඇති බවත් මියන්මාර ආරක්ෂය අංශ පවසා තිබේ.
කෙසේවෙතත් මියන්මාරයේ අමෙරිකානු තානාපති කාර්යලය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම හෙලා දැක ඇති අතර අවිධිමත් ආකාරයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව  ඔවුන් පෙන්වාදී ඇත.
කෙසේවෙතත් මියන්මාර ආරක්ෂක අංශ පවසන්නේ එරට “රාජ්‍ය රහස් පනත” යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මීට පෙර මියන්මාර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අදාළ පනත යටතේම අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Rate this item
(0 votes)
Last modified on Friday, 15 December 2017 09:42