March 19, 2024

ට්‍රම්ප්ට ලැබුණු පරාජය

December 14, 2017

වසර 25කට පසු ඇලබාමා ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනට්  සභාවේ ආසනයක් දිනාගැනීමට සමත්වූ පළමු ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයා බවට පත්වීමට ඩග් ජෝන්ස් සමත්ව තිබේ.
 
රෝයි මූර් සමඟ පැවැති කරට කර තරගයකින් පසු සෙනට් සභාවේ ආසනයක් වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙන් ජයගැනීමට ඩග් ජෝන්ස් සමත්විය. ඩග් ජෝන්ස් ලැබූ මෙම ජය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරයක් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබිණි. 
 
ඩග් ජෝන්ස්ගේ මෙම ජයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ බහුතරය හිමි රිපබ්ලිකන් පක්ෂයේ සාමාජික සංඛ්‍යාව 51ක් දක්වා අඩු වී තිබේ. මේ අනුව සෙනට් සභාවේ නව සංයුතිය රිපබ්ලිකන් පක්ෂය 51 ක් ලෙසින් ද ඩිමොක්‍රටික් පක්ෂයට 49 වශයෙන්ද සැකසී තිබේ. 
 
කෙසේ නමුත් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රිපබ්ලිකන් පක්ෂ රෝයූ මූර් මෙය ඉවර නැතැයි ද ප්‍රකාශ කර තිබේ. ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඩග් ජෝන්ස්ට සුබ පැතුම් එක් කර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉක්මනින් ඇලබාමා ප්‍රාන්ත ආසනය දිනා ගන්නා බව ද සඳහන් කර තිබේ. 

Rate this item
(1 Vote)