April 20, 2024

සිරියාවට ගිය රුසියානු ජනපතිගෙන් නියෝගයක්

December 12, 2017

සිරියාවේ යොදවා සිටින රුසියානු හමුදා සෙබළුන්ගෙන් කොටසක් ඉන් ඉවත් කිරීමට ජනාධිපති ව්ලැදමීර් පුටින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනාධිපතිවරයා විසින් අදාළ නියෝගය ලබා දෙනු ලැබුවේ ඊයේ  (11) ඔහු සිරියාවේ සිදු කළ හදිසි සංචාරයක් අතරතුරදීය.

ලටාකියා ප්‍රදේශය ආසන්නයේ පිහිටි මේමීම් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපති පුටින් සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ සිවිල් යුද්ධය ජනාධිපති අසාද්ට වාසි සහගත අයුරින් පරිවර්තනය කිරීම සඳහා රුසියාවේ හමුදා සහාය ඉතා තීරණාත්මක වන බවත් සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය පාලනය පරාජයට පත් කිරීමටත් රුසියාවේ හමුදා සහාය හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

පසුගිය වසරේදී ද රුසියානු ජනාධිපතිවරයා විසින් සිරියාවේ යොදවා සිටින සිය හමුදා භටයන්ගෙන් කොටසක් ඉවත් කර ගනු ලැබූ නමුත් සිරියාව තුළ හමුදා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරනු ලැබීය.

(බීබීසී)

Rate this item
(1 Vote)