March 29, 2024

ඇමෙරිකාව හුදකලා වෙයි

December 11, 2017

ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස හඳුනාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති එක්සත් ජාතීන්ගේ විශේෂ ආරක්ෂික කවුන්සිල හමුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය හුදකලා වී තිබේ. 
 
ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම පිළිගන්නා බවත් තෙල් අවීව් නුවර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලෙම වෙත ගෙන යන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් දා ප්‍රකාශ කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට හැරිණි.
 
ලෝක සාමය පවත්වාගෙන යෑම සහ රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන තීන්දු තීරණ ගන්නා කවුන්සිලය වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එක්සත් ජනපදය ගත් තීරණය ප්‍රතික්ෂේප කර තිබේ. 
 
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන්නැයි එම කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් ඇතුළු ප්‍රමුඛ රටවල් 15න් 8ක් පසුගිය සිකුරාදා ප්‍රකාශ කර තිබිණි. 

Rate this item
(0 votes)