April 24, 2024

අමෙරිකාවේ නිවාස අහිමි ජනගහනය ඉහළට

December 10, 2017

වසර 07 කට පසු අමෙරිකාවේ නිවාස අහිමි ජනගහනය ඉහළ ගොස් ඇති බව එරට නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

2010 වසරේ සිට එරට නිවාස අහිමි ජනගහනය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණද මේ වසරේ නිවාස අහිමි ජනගහනයේ ඉහළ යාමත් වාර්තා වී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව අමෙරිකාවේ නිවාස අහිමි ජනගහනය පන් ලක්ෂ 54,000ක් පමණ වන බවට වාර්තා වී ඇති බව සඳහන්ය.

සෙසු නගරවලට සාපේක්ෂව ලොස්ඇන්ජලීස් සහ නිව්යෝර්ක් යන  නගරවල එම ජනගහනයේ වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.

ලොස් ඇන්ජලීස් නගරයේ පමණක් නිවාස අහිමි ජනගහනය 55,000 ක් ලෙස වාර්තා වී තිබේ

 

Rate this item
(0 votes)