April 24, 2024

පුටින් නායකත්වයේ රිදී ජුබිලියට සැරසෙයි

December 09, 2017

රුසියාවේ වොල්ගා නගරයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් අමතමින් ඔහු සිදුකළ අදහස් දැක්වීමකදී මෙම ප්‍රකාශය පූටින් විසින් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

"රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ධුරය සඳහා වූ මගේ අපේක්ෂකත්වය ඉදිරියටත් ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා" යැයි එහිදී පූටින් පවසා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයෙන් පූටින් ජයග්‍රහණය ලැබුවහොත් 2024 දක්වා බලයේ රැඳී සිටීමේ හැකියාව හිමිවනු ඇත.

2000 වසරේ සිට බලයේ සිටින පූටින් වරෙක එරට ජනාධිපතිවරයා ලෙසත් එරට අගමැතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් ඉතා පහසු ජයග්‍රහණයක් ලැබීමට පූටින්ට හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)