ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර ඇත. මෙය මැදපෙරදිගට සාමය උදා කිරීමේ ක්‍රියාවලියේ මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ පියවක් බව ඇමරිකානු ජනපතිවරයා තවදුරටත් පවසයි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දෝලනය වෙමින් පැවති මෙම පෞරාණික නගරයේ අවසාන ඉරණම දුෂ්කර එකක් වූ අතර රටවල් දෙක අතර ඇති ගැටුමේ මූලික කරුණු අතරින් එකකි.
මතභේදයට තුඩුදුන් මෙම තීන්දුව සම්බන්දව විචාරකයන් පවසන්නේ මෙය දශක ගනනාවත් පුරා පවත්වාගෙන ආ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති කණපිට පෙරළීමක් බවයි.
ට්‍රම්ප්ගේ මෙම තීරණය ඓතිහාසික එකක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කලත් ට්‍රම්ප්ට විරුද්ධ අන්තර්ජාතික ප්‍රජාව සහ මාධ්‍ය මේ සම්බන්ධව දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි ස්වාධීන මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය නින්දිත තීරණයක් බවත් ඇමෙරිකාව තවදුරටත් සාමය ආරක්ෂා කරන්නෙකු නොව සාමය බිදින්නකු බවත් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසයි.
මේ අතර ඇමෙරිකාවේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15දෙනාගෙන් අට දෙනකුම පවසා ඇත.
(බීබීසී)