December 15, 2017

ලැව්ගින්නක් නිසා කැලිෆෝර්නියාවේ 27000ක් ඉවත් කෙරේ

ඇමරිකාවේ  කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පැතිරෙන ලැව්ගිනි හේතුවෙන් ලෝස් ඇන්ජලීස් වලට දකුණින් පිහිටි වෙන්ටුරා සහ සැන්ටා පවුලා නගරවල 27000ක පමණ පිරිසක් නිවෙස්වලින් ඉවත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 
 
පවතින තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිරෙන බවට ගිනිනිවන හමුදාව අනතුරු අඟවා ඇත.  
 
ගින්නෙන් හෙක්ටයාර් 10500ක් පමණ විනාශ වී ඇති බවත් බොහෝ ප්‍රදේශ වල විදුලිය විසන්ධි වී ඇති බවත් පැවසේ. වෙන්ටුරා නගරයේ නිවාස සංකීර්ණයක් ද ගින්නට හසුව විනාශ වී ඇත. තවත් ගොඩනැගිලි 150ක් පමණ ගින්නෙන් විනාශ වී ඇත.
 
පසුගිය ඔක්තෝබර් මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් 40ක් පමණ මියගිය අතර ගොඩනැගිලි 10000ක් පමණ විනාශ විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 December 2017 08:39