April 24, 2024

ඕකී කුණාටුවෙන් ඉන්දියාවේ 14ක් මරුට

December 04, 2017

ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශයට ඇතුළු වූ ඕකි සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂද්වීප් දිවයිනේ 14 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
 
මියගිය හා අතුරුදන්ව ඇති බොහෝ දෙනා ධීවරයන් බව ජාතික ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වෙරළාරක්ෂක භටයින්ගේ හා නාවුක හමුදාවේ උපකාරය ඇතිව අනතුරට පත් වූ 223දෙනකු බේරා ගත් බව ද ඔවුහු තවදුරටත් පවසති.
 
සුළි කුණාටුවේ බලපෑමට ලක්වන ප්‍රදේශයේ දහස් ගණනක් පිරිස ඉවත් කරනු ලැබ ඇත.
 
ඉදිරි පැය 48 ඇතුළත ඕකි සුළි කුණාටුව මුම්බායි සහ ගුජරාටි නගර වලට ඇතුළු වීමට නියමිතව ඇති බව ඉන්දීය කාළගුණික අංශ පවසයි. 
 
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශ වලට ගමන් කරන විට සුළි කුණාටුවේ බලපෑම අඩුවනු ඇති බවයි.
 
 

Rate this item
(0 votes)