March 29, 2024

පාකිස්තානයේ පාසලකට වෙඩි තැබීමක් - 9 ක් මරුට

December 03, 2017

පාකිස්ථානයේ පෙෂවර් නගරයේ පාසලකට බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් 9දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන්  මියගිය අය අතර සිසුන් අට දෙනකු හා කාර්යාල සේවකයෙකු සිටින බව පොලිසිය පවසයි.

මෙය කෘෂිකාර්මික පුහුණු පාසලක් බවත් ඉස්ලාම් ආගමික නිවාඩු දිනයත් වීම හේතුවෙන් පාසල නිවාඩු දී තිබූ නමුත් නේවාසික සිසුන් පාසලේ රැඳී සිටි බවත් බලධාරීහු පවසති.

බුර්කා ඇඳුමින් වෙස්වලාගත් තිදෙනකු ප්‍රහාරය සඳහා පැමිණ ඇති බවත් ප්‍රහාරකයන් තිදෙනාම මියගොස් ඇති අතර තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)