April 25, 2024

කොරියාවේ මිසයිලය ජපානය හෙළාදකී

December 01, 2017

උතුරු කොරියාව විසින් දිගු දුර මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාව විසින් නව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණි.

අමෙරිකාව දක්වා ළඟා විය හැකි දිගු දුර මිසයිලයක් මෙලෙස අත්හදා බැලූ බව උතුරු කොරියානු ජාතික රූපවාහිනිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ගෝලීය සම්බාධක නොතකා මෙවැනි මිසයිලයක් අත්හදා බැලීම බරපතළ ගැටළුවක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මෙම මිසයිල අත්හදා බැලීම දකුණු කොරියාව හා ජපානය හෙලා දැක ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Rate this item
(0 votes)