March 28, 2024

ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් පුද්ගලයින් පදිංචි ස්ථානවලින් ඉවතට

November 27, 2017

ඉන්දුනීසියාවේ බාලී දූපතේ මවුන්ට් අගුන්ග් ගිනි කන්ද සක්‍රීයවීම හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පුද්ගලයින් එක් ලක්ෂ 40,000ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ගිනිකන්ද අවසන් වරට සක්‍රීය වී ඇත්තේ 1963 වසරේදී  වන අතර එහිදී පුද්ගලයින් 1650ක පමණ පිරිසක් මියගොස් තිබූ අතර ගිනි කන්ද සක්‍රීය වීමේ අවදානමක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී ද ඒ අවට පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් මේ හේතුවෙන් බාලී ගුවන්තොටුපලේ කටයුතුවලට මෙතෙක් බාධා එල්ල වී නොමැති අතර ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 

 

Rate this item
(0 votes)