April 19, 2024

සිරියානු යුද්ධය නැවැත්වීමට නව අදියරයක්

November 24, 2017

සය අවුරුද්දක් මුළුල්ලේ පවතින සිරියානු යුද්ධය නැවැත්වීමේ ක්‍රියාවලිය නව අදියරකට පිවිස ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි මහතා සහ තුර්කි නායක රෙසෙප් තායිප් එර්දොගාන් මහතා හමු වී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව රුසියානු නායකයා එම කරුණු පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මන්දගාමී වී තිබෙන සිරියානු සාම ක්‍රියාවලියට නව පණක් දීමට ඉරාන හා තුර්කි නායකයන් මැදිහත් විය යුතු යැයි ද රුසියානු නායකයා එම හමුවේදී අවධාරණය කළ බව විදෙස් වාර්තාවන්හි දැක්වෙයි.

ඉරාන හා තුර්කි නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියානු ජනාධිපතිවරයා සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය. ඉදිරි දින කිහිපයේදී සිරියානු ආණ්ඩු පාර්ශවය හා විපක්ෂ නායකයන් අතරේද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලදී දෙපාර්ශවයම එකඟතාවකට පැමිණීම අත්‍යාවශය කරුණක් යැයි ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් මහතා පුටින් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 November 2017 08:49