April 19, 2024

යුරෝපය ආර්ථික වර්ධනයෙන් ඉදිරියට

November 15, 2017

මේ වසරේ තෙවැනි කාර්තුවේදී යුරෝපා කලාපයේ ආර්ථික වර්ධනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය ඉක්මවා ගොස් තිබේ. මීට දශකයකට පෙර යුරෝපා කලාපයේ  මූල්‍ය වෙළෙඳපොළවල සිදු වූ කඩා වැටීමට පසු එම කලාපයේ වාර්තා වූ හොඳම වසර මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
යුරෝපා කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් වී ඇත්තේ ජර්මනිය වුව ද කලාපයේ අලසයකු ලෙස හැඳින්වෙන ඉතාලිය ද යම් පෙරළියක් පෙන්නුම් කරමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 
 
‘යූරෝ දත්ත’ (යූරෝස්ටැට්) යුරෝපා සංගමයේ නිල දත්තවලට අනුව යුරෝපා කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලයේදී ඊට පෙර කාර්තුව සහ ඊට පෙර වසරේ එම කාලය සැසඳීමේදී සියයට 2.5කින් වර්ධනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. 
 
පසුගිය වසර හා සැසඳීමේදී එය ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ධනයට වඩා සියයට 2.3ක වර්ධනයක් වන අතර කෙසේ නමුත් කාර්තුවක වර්ධනය හා සැසඳීමේදී යුරෝපා කලාපයේ 0.7ට වඩා තරමක් ඉදිරියෙන් සිටීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත්ව ඇත. 
 
“මේ වසර යුරෝපා කලාපය 2017 වසරෙන් පසු ගත කරන හොඳම වසරයි. දළ දේශීය නිෂ්පාදිතය අතින් යුරෝපා කලාපය මේ වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පසු කර යාවි” යැයි ආර්ථික විද්‍යාඥ බර්ට් කලින් පවසයි. 
 
2007 වසරේදී යුරෝපා කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 0.3කි. එය 2010 වසරේදී සියයට 2.1ක අගයක් 2015 වසරේදී කලාපයේ ආර්ථිකය වර්ධනය වූයේ ද සියයට 2.1ක අගයකින් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්)

Rate this item
(0 votes)