November 22, 2017

ට්‍රම්ප්ට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ පළමු ආසියානු සංචාරයේදී හෙතෙම විනාශකයකු බව පෙන්නුම් කර ඇතැයි උතුරු කොරියාව පවසයි. එමෙන්ම ඔහු කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් වෙනුවෙන් ඉල්ලා ඇතැයි ද උතුරු කොරියාව ප්‍රකාශ කරයි. 

“ට්‍රම්ප් ඔහුගේ සංචාරයේදී ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කර තිබෙනවා. ඔහු ලෝක සාමය හා ස්ථාරවය විනාශ කරන්නෙක්. ඔහු කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික යුද්ධයක් ඉල්ලා තිබෙනවා” යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එම නිවේදනයේ රාජ්‍ය පුවත් ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් කර ඇත. 

ආසියානු සංචාරයේ දෙවැනි ගමනාන්තය වන දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියාවට නැවත වරක් අනතුරු ඇඟවීය.

Rate this item
(0 votes)