April 24, 2024

ත්‍රස්තවාදයට එරෙහිව ට්‍රම්ප් - ෂී ජින් පින් එක්වෙයි

November 11, 2017

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා මෙන්ම දකුණු ආසියාවේ ස්ථාවරභාවය සහ සාමය උදෙසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර එකඟතාවක් ඇති වූ බව චීනය ප්‍රකාශ කලේය.

චීනය - ඇමරිකානු නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ඇෆ්ගනිස්ථානය උදෙසා කටයුතු කිරීමට ද එකඟ වූ අතර, ත්‍රස්තවාදය වැළැක්වීම දෙරටේම පොදු අපේක්ෂාවක් බව ප්‍රකාශ වී තිබේ.

අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් ජනතාව මුදා ගැනීමට කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

ඒ සඳහා එක්ව කටයුතු කිරීමට නායකයින් අතර එකඟත්වය පළ වී ඇති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බීජිං පැමිණියේ ජනපති ධූරයට පත් වීමෙන් පසු සිය ප්‍රථම චීන චාරිකාව සඳහායි. 

Rate this item
(0 votes)