April 24, 2024

ඇමෙරිකා - චීනය අතර ඩොලර් බිලියන 250ක ගිවිසුමක්

November 10, 2017

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයේදී දෙරට අතර එක්සත් ජනපද ඩොලර් බිලියන 250ක වටිනාකමින් යුතු ව්‍යාපාරික ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. කෙසේ නමුත් පසුගිය ගිවිසුම් නැවත අලුත් කළේද හා අලුතින් අත්සන් අත්සන් කළ ගිවිසුම් මොනවාද යන්න පිළිබඳව තොරතුරු වාර්තා නොවීය. 
 
ට්‍රම්ප් ජනාධිපතිවරයා චීනයට පැමිණියේ බදාදා (8) දිනයේදීය. ඇමෙරිකා ජනාධිපතිවරයා චීනයේ සිටින අවසාන හා දෙවැනි දිනයේදී එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් එම කරුණු කීය. එහිදි ඉහත ගිවිසුම්වලට අත්සන් තබන ලදි. 
 
ඒ අනුව ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක අත්සන් තබන ලද ව්‍යාපාරික ගිවිසුම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 253.4ක් විය. 
 
මෙහිදි ට්‍රම්ප් ඇමෙරිකා-චීන වෙළෙඳ හිඟය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. එය ඒකපාර්ශවීය හා අසාධාරණ වෙළෙඳාමක් යැයි ද ට්‍රම්ප් පැවැසීය. එහි වගකීම ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති පරිපාලන බාරගත යුතු බව ද හෙතම කීය. 
 
ජනපති ධුරයට පත්වීමට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම චීනයට චෝදනා කළේය. චීනය ඇමෙරිකාවේ රැකියා සොරකම් කරන මුදල් හසුරුවන්නකු යැයි ද ට්‍රම්ප් චෝදනා කළේය. එහෙත් ඔහු ඊයේ (9) ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක් දැරීය. 
 
“මම චීනයට බනින්නේ නැහැ. තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් තවත් රටකින් ප්‍රයෝජන ගන්නා රටකට චෝදනා කරන්න පුළුවන් කාටද. මම චීනයට ගෞරවය දෙනවා” යැයි ද ඇමෙරිකා ජනපති ව්‍යාපාරික ප්‍රජාව හමුවේ කීය.

(ඒ.එෆ්.පී)

Rate this item
(0 votes)