April 25, 2024

සෑම අවස්ථාවකදීම ජපානය සමඟ සිටින බව ට්‍රම්ප් කියයි

November 07, 2017

උතුරු කොරියානු “තර්ජනයේදී”  දී මෙන්ම සෑම අවස්ථාවකදීම ජපානය සමඟ සිටින බව ජපානයේ සංචාරය නිරත වී සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශවීය සාකච්ඡාවේදී දෙරට අතරේ තිබෙන වෙළෙඳාම තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ. ඇමෙරිකාව ලොව විශාලතම ආර්ථිකය හිමි රටවන අතර ජපානය ලොව තෙවැනි විශාලතම ආර්ථිකය හිමි රටයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයකු වසර 25කට පසු නිරත වන දීර්ඝතම ආසියානු සංචාරය ආරම්භ කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පෙරේදා (5) ජපානයට පැමිණියේය.  දින 12ක් ආසියාවේ රැඳි සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට යාමට නියමිතය. එහිදි එරට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඇමෙරිකා ජනාධිපතිවරයා දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතය.

(රොයිටර්)

Rate this item
(0 votes)