April 19, 2024

ඇමරිකාවේ දේවස්ථානයක වෙඩිතැබීමක් - 26ක් මරුට

November 06, 2017

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 
 
ටෙක්සාස්හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයේ ඊයේ (5) දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ එහි ඇතුළු වූ තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
පොලිසිය පවසන්නේ සිද්ධියෙන් 25 දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි.  දේවමෙහෙයට 50ක් පමණ සහභාගී වී සිටි බවත් මියගිය අය අතර කුඩා ළමයින් ද සිටින බවත් විදෙස් වාර්තා වල දැක්වෙයි. 
 
ඝාතකයා ද ඔහුගේ රථය තුළ මියගොස් සිටියදී හමු වී ඇති අතර පොලිසිය විසින් ඔහු හඳුනාගනු ලැබ ඇත.මෙම ඝාතන සිදු කරන්නට හේතුව කුමක්ද යන්න සම්බන්ධව පරීක්ෂණ සිදු කරන බව එරට පොලිසිය පවසයි.
 
(නිව්යෝර්ක් ටයිම්ස්)

Rate this item
(0 votes)