April 25, 2024

උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා බව දකුණු කොරියා ජනපති කියයි

November 04, 2017

උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස හඳුනා නොගන්නා බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් පසුගියදා (01) ප්‍රකාශ කළේය.

දකුණු කොරියාවේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව කොරියානු අර්ධද්වීපයේ කිසිදු යුදමය ක්‍රියාමාර්ගයකට ඉඩක් නැතැයි ද ජනාධිපති මූන් ජායි ඉන් පැවැසීය. එමෙන්ම දකුණු කොරියාව කොරියානු අර්ධද්වීපයේ සාමය උදෙසා කටයුතු කරන බව ද හෙතෙම කීය. දකුණු කොරියානු පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මෙම කරුණු ප්‍රකාශ කළේය. 
 
“උතුරු හා දකුණු කොරියාවේ ඒකාබද්ධ න්‍යෂ්ටික අවිහරණ ප්‍රඥප්තියට අනුව අපට උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස පිළිගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපිත් න්‍යෂ්ටික අවි නිපදවීමක් කරන්නේ නැහැ. අප සතුව න්‍යෂ්ටික අවි නැහැ” යැයි ද හෙතෙම කීය. 
 
කොරියානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් මේ බව කී බදාදා එනම් අද දිනයේදීම චීනය ද කොරියානු අර්ධද්වීපයේ අර්බුද විසඳීමට දකුණු කොරියාව හා එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ. 
 
“අපේ ආණ්ඩුව ආරක්ෂකම සම්බන්ධයෙන් වැඩිම අවධානයක් යොමු වූ කාලයක් ගත කරමින් සිටින්නේ. කොරියානු අර්ධද්වීපයට සාමය අප කටයුතු කරනවා” යැයි චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබේ.
 
කොරියානු අර්බුදය විසඳීමට චීනය හා දකුණු කොරියාව එක්ව රාජ්‍ය තාන්ත්‍රික අයුරින් කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කර ඇත. 
 
චීනයේ හා දකුණු කොරියාවේද සහභාගීත්වය සහිතව බීජිංහි පැවැති සය පාර්ශවීය න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා වලින් පසු චීන විදේශ අමාත්‍යාංශය එම නිවේදනය නිකුත් කළේය. 

(රොයිටර්)

Rate this item
(0 votes)