March 29, 2024

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

November 02, 2017

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මෑන්හැට්න්හි පාපැදි හා පදික මංතීරුවක් වෙතට ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගයන් 8දෙනක් පමණ මියගොස් 12දෙනක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
සුදු පැහැති පික්අප් වර්ගයේ ට්‍රක් රථයෙන් පිටතට පැමිණි පුද්ගලයකුට වෙඩි තැබූ පොලිසිය පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 
 
සෙයිෆුලෝ සයිපොව් නම් 29 හැවිරිදි මෙම පුද්ගලයා සංක්‍රමණිකයකු ලෙස 2010 වර්ෂයේ ඇමරිකාවට පැමිණ අයෙකු බව පොලිසිය පවසයි. 
 
ට්‍රක් රථය තුළ අයිඑස් සංවිධානයට අයත් ලියවිල්ලක් තිබී ඇත. ඇමරිකානු බලධාරීන් පවසන්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි.
 
හදිසි අවස්ථා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
 
(සීඑන්එන්)

 

Rate this item
(0 votes)