April 20, 2024

සරණාගත රැඳවුම් කඳවුරු වසා දැමීමට එරෙහිව නීතිමය පියවර

November 01, 2017

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් රඳවා තැබෙන පැපුවා නිව්ගිනියා හි කඳවුරු වසා දැමීමට ඕස්ට්‍රේලියා රජය ගෙන ඇති තීරණයට එරෙහිව එහි සිටින සරණාගතයින් නීතිමය පියවර ගැනීමට සැරසෙති. 
 
ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් පැමිණෙන සරණාගතයින් රඳවා තබන්නේ පැපුවා නිව්ගිනියාවේ මැනුස් දූපතේ සහ නාවුරු දූපතේ ය.
 
පැපුවා නිව්ගිනියා අධිකරණය මැනුස් කඳවුරේ පිහිටි සරණාගත කඳවුර වසා දැමීමට තීරණය කිරීමත් සමග මෙම තත්ත්වය උද්ගත විය.
 
රැඳවියන් පවසන්නේ  ජලය, විදුලිය හා ආරක්ෂාව කපාහැරීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවයි. 1700ක පමණ පිරිසක් මෙම කඳවුරු වල වෙසෙන අතර කඳවුර හැරයාම ඔවුහු ප්‍රතික්ෂේප කරති.
 
ඊයේ (31) දිනය වනවිට කඳවුරේ විදුලිය, ජලසැපයුම හා ආහාර සැපයුම නවත්වන බවත්  ඉන්පසු බලධාරීන්ට කඳවුරට ඇතුලු වීමට හැකි වන බවත් පොලිසිය ප්‍රකාශ කර ඇත.සාමකාමී උද්ඝෝෂනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සරණාගතයෝ පවසති. ඔවුහු වැසි ජලය බිස්කට් රැස්කරමින් සිටින බවද වාර්තා වේ. 
 
මෙම සරණාගතයින්  බාරගැනීම ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ එමගින් මිනිස් ජාවාරමට දිරිදීමක් සිදු වන බවයි. පැපුවා නිව්ගිනියාව පවසන්නේ මොවුන්ට සහන සැපසීමේ වගකීම ඕස්ට්‍රේලියාව සතු වන බවයි.
 

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 October 2017 15:45