March 29, 2024

ඉන්දුනීසියාවේ පිපිරීමක් - 47ක් මරුට

ඉන්දුනීසියාවේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් 47දෙනකු මියගොස් 50ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 

අනතුරින් තවත් දසදෙනකු අතුරුදන්ව ඇති බැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහලයා හැකි බව බලධාරීහු පවසති. 

ජකර්තා නගරයට බටහිරින් පිහිටි ටැංගරැංග් නගරයේ කර්මාන්ත පුරයක මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීම් දෙකක් සිදුවූ බවද ඉන්පසු කර්මාන්තශාලාව ගිණිගත් බවද වාර්තා වී ඇත. අවට තිබූ රථවාහන ද ගින්නෙන් විනාශ වී ඇත.

මියගිය බොහෝ අයගේ සිරුරු දැවී පිළිස්සී ඇති බැවින් හඳුනාගැනීම පවා අසීරු බව පොලිසිය පවසයි. කර්මාන්තශාලාවේ සේවකයන් 103දෙනකු පමණ සේවය කරමින් සිට ඇත. ගින්න පාලනය කර ඇති බවද පිපිරීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය තවදුරටත් පවසයි.
 
(ද ගාඩියන්)

Rate this item
(0 votes)