March 29, 2024

ටයිටැනික් මගියා මව වෙත ලියූ අවසන් ලියුමට ඉහළම මිලක්

ටයිටැනික් නෞකාවේ සිට ලියන ලද අවසන් ලියුම් කිහිපය අතරින් එකක් වෙන්දේසියක දී වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.

ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු වූ ඇමරිකානු ව්‍යාපාරික ඔස්කාර් හොල්වර්සන් විසින් ලියන ලද එම ලියුම අලෙවි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැටහය දහසකට ආසන්න මිලකට බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේදී ඉදි කෙරුණු ටයිටැනික් නෞකාව 1912 වසරේ දී සිය මංගල චාරිකාව ආරම්භ කළේ එංගලන්තයේ සවුතැම්ටන් වාරයෙන් බවත් ඇමරිකාවේ නිව්යෝක් බලා යාත්‍රා කරමින් තිබූ නෞකාව හිම කුට්ටියක ගැටී අනතුරට පත් වූයේ උතුරු අත්ලාන්තික් සාගරයේදීය.

අත්ලාන්තික් සයුරට ගොස් බේරුණු ටයිටැනික් ශීර්ෂය සහිත සටහන් පතක ලියන ලද එකම ලියුම එය වන අතර වෙන්දේසියට ඉදිරිපත් කරන ලද ලියුම මිලට ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍ය ගැනුම්කරුවෙකු විසිනි.

සිය බිරිඳ මේරි සමග ටයිටැනික් නෞකාවේ ගමන් කළ ඔස්කාර් හොල්වර්සන් එම ලියුම ලියා ඇත්තේ ඔහුගේ මවටය.ඒ සවුතැම්ටන් සිට නිව්යෝර්ක්හි පිහිටි සිය නිවස බලා යමින් සිටියදීය.

සිය ලියුම තුළ තම වටපිටාව විස්තර කරන ඔස්කාර් ප්‍රමාණය අතින් යෝධ නෞකාවක්, මාලිගාවක් වැනි හෝටලයක් ලෙස ඉදි කර තිබෙනවා යනුවෙන් තම මව වෙත පවසා තිබේ.

එමෙන්ම එහි ගමන් ගත් එවක ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෝන් ජේකොබ් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව ද ඔස්කාර් එහි සටහන් තබා ඇත.

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 October 2017 16:54