April 18, 2024

ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට තලේබාන් ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාර් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
  
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා පුපුරණ ද්‍රව්‍ය පිර වූ මෝටර් රථ දෙකක් හමුදා කඳවුරට කඩා වැදී තිබෙන අතර පැය කිහිපයක් තලේබාන් සටන්කාමීන් හා හමුදාව අතර ගැටුම් පැවැති බව එම ආරංචි මාර්ග කියයි. 
 
තලේබාන් සටන්කාමීන් හා හමුදාව අතර ගැටුම් ඇති වී ඇත්තේ බදාදා රාත්‍රියේ හා ඊයේ (19) අලුයම් කාලයේදී යැයි ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
 
ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර ප්‍රහාරයෙන්  30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

Rate this item
(0 votes)