March 29, 2024

ලොව ලාබාලතම නායකයා ඔස්ට්‍රියාවෙන්

ඔස්ට්‍රියාවේ සහ කන්සර්වේටිව් පක්ෂයේ 31 හැවිරිදි සෙබස්තියන් කර්ස් එරට මැතිවරණයෙන් ජයගනු ඇතැයි ඔහු එරට පමණක් නොව ලොව ළාබලතම නායකයා බවට පත්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. 
 
ඒ අනුව ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සෙබස්තියන් කර්ස් ප්‍රමුඛ එරට කන්සර්වේටිව් පක්ෂය වන ‘ඔස්ට්‍රියා ජනතා පක්ෂය’ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි පැවසේ. 
 
මැතිවරණයේ අද (16) දහවල් වනවිට ප්‍රකාශිත ඡන්දවලින් වැඩි ආසන ප්‍රමාණයක් දිනාගැනීමට සමත්ව සිටියේ සෙබස්තියන් කර්ස් ප්‍රමුඛ එරට කන්සර්වේටිව් පක්ෂය වන ‘ඔස්ට්‍රියා ජනතා පක්ෂය’යි.
 
මෙය යුරෝපයේ ජනප්‍රියවාදී ලැබූ ජයග්‍රහාකයන් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දී තිබිණි.

දැනට ප්‍රකාශිත ආසනවලින් වැඩි ප්‍රමාණයක බලය තහවුරු කරගැනීමට සෙබස්තියන් කර්ස්ගේ පක්ෂය සමත්වී තිබෙන අතර මෙම ජයත් සමඟ කර්ස් ඔස්ට්‍රියාවේ ළාබලතම චාන්සලර්වරයා ලෙස තේරී පත්වීමට නියමිතව තිබේ. එපමණක් නොව ඔහු ලොව සිටින ළාබලතම රාජ්‍ය නායකයා වනු ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. 
 
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය, ජර්මනිය, හංගේරියාව, පෝලන්තය ඇතුළු රටවල ජාතිකවාදීන්ගේ නැගී සිටීමත් ධනවත් සාමාජික රටක් වන ඔස්ට්‍රියාව දක්ෂිණාංශ ගතවීම බ්‍රසල්ස් හි පිහිටි යුරෝපා සංගමයට තවත් අලුත් හිසරදයක් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

(රොයිටර්)

Rate this item
(0 votes)