March 29, 2024

සෝමාලියාවේ බෝම්බ පිපිරීමක් - 189ක් මරුට

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

එල්ල වූ මෙම මරාගෙන මැරෙන ට්‍රක් රථ ප්‍රහාරය මීට පෙර එල්ල වූ ප්‍රහාර හා සැලකීමේදී තරමක විශාල ප්‍රමාණයෙන් ප්‍රහාරයක් යැයි ද එම වාර්තා සඳහන් කරයි. වසර 2007 ආරම්භ වූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ කැරැල්ලෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරය යැයි ද එම වාර්තාවල තවදුරටත් දැක්විණි. 

ප්‍රහාරයත් සමඟ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට සෝමාලියා ජනාධිපති මොහමෙද් අබ්දුල්ලාහි ෆාර්මාජෝ කටයුතු කර තිබිණි. මෙම ප්‍රහාරයෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

බෝම්බ සහිත ට්‍රක් රථය පුපුරා ගොස් ඇත්තේ අගනුවර පිහිටි හෝටලයක් ඉදිරිපිටදීය. ඒ ආසන්නයේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල, ආපන ශාලා, හෝටල් ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ගොඩනැගිලි රැසක් පිහිටා තිබෙන අතර ප්‍රහාරයෙන් වාහන දුසිමකට වැඩි ප්‍රාමණයක් ද සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. 

ඉන් පැය දෙකකට පසු සෝමාලියාවේ මදිනා දිස්ත්‍රික්කයේ අගනුවරට ද ප්‍රහාරයක් එල්ල විය. 

ඊයේ (15) සවස් වනතුරුත් ප්‍රහාරයේ වගකීම කිසිවකුත් බාරගෙන නොතිබුණු නමුත් අල් කයිඩා සංවිධානය හා සබඳතා පවත්වන ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් සමන්විත සංවිධානයක් වන අල් ෂෙබාබ් සංවිධානය පසුගිය කාලයේ දී සෝමාලියාවේ අගනුවර ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන ලදි. 

මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ සහාය ලබන ආණ්ඩුවලට එරෙහිව කැරැලි දියත් කරමින් ප්‍රහාර එල්ල කරයි. මොවුන්ට හිතවත් පාර්ශව අප්‍රිකා සංගමය තුළ ද සිටින අතර සෝමාලියේ ඇත්තේ දුර්වල පරිපාලන තන්ත්‍රයක් යැයි ද විශ්ලේෂකයෝ පෙන්වාදෙති. එම පිරිස් පාලනය පෙරළා දැමීමට ද උත්සාහ කරන ලදි. අල් ෂෙබාබ් සංවිධානය ඉස්ලාම් දහමට ඔවුන්ගේම අර්ථකතනයක් දී තිබේ. 

අල් ෂෙබාබ් සටන්කාමිහු 2007 වසරේ සිට 2011 වසර දක්වා මොගඩිෂු පාලනය කළහ. ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ටේ්‍රලියාව හා කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් අල් ෂෙබාබ් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අතර ඔවුන්ගේ පාලනයේ යටතේ පැවැති සෝමාලියාවේ නගර කිහිපයක් මුදා ගැනීමට අප්‍රිකා සංගමයේ සාම සාධක හමුදා සමත් විය. 

(රොයිටර්)

Rate this item
(0 votes)
Last modified on Monday, 16 October 2017 09:30