March 29, 2024

වියට්නාමයේ ගංවතුරෙන් 37 ක් මරුට

වියට්නාමයේ නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල  ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 37ක් මියගොස් 40දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති. 
 
දහස්ගනණක පිරිසක් අවතැන්ව ඇති අතර නිවාස 16000ක් පමණ ජලයෙන් යටවී ඇත.දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාව නිසා මෙම තත්වය ඇතිවූ බව පැවසේ. 
 
ආපදාව වාර්තා කරමින් සිටි ප්‍රාදේශීය වාර්තාකරුවකු ද පාලමක් කඩා වැටීම නිසා වතුරේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත. 
 
ඉදිරි දින කිහිපයේදී කාලගුණික තත්වය මීට වඩා දරුණු වනු ඇති බවත් එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවටත් කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
 
(අප්ජසීරා)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 13 October 2017 10:42