April 19, 2024

ලාස් වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගැනේ

ලාස් වේගාස් නුවර සංගීත ප්‍රසංගයට වෙඩි ප්‍රහාර එල්ල කර 54දෙනකු පමණ මරා දැමූ පුද්ගලයා ස්ටෙෆන් පැඩොක් නැමැති 64 හැවිරිදි අයෙකු බවට හඳුනා ගෙන තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණ වලින් හෙලි වී ඇත්තේ ඔහු මැන්ඩලේ බේ හෝටලයේ 32වැනි මහලේ සිට සංගීත ප්‍රසංගයේ ප්‍රෙක්ෂකයින් වෙත වෙඩි ප්‍රහාර 100ක් පමණ එල්ල කර ඇති බවයි.ස්වයංක්‍රීය ගිණි අවියකට සමාන හඬක් ඇසුණ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ප්‍රහාරකයා පසුව ඔහුටම වෙඩි තබාගෙන මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන බවයි. ප්‍රහාරකයාගේ කාමරය තුළ තිබී තවත් රයිෆල් ගිණි අවි 10ක් සොයාගෙන ඇත. මෙය හුදකලා ත්‍රස්ත ප්‍රහාරයක ස්වරූපය ගන්නා බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ජෝ ලැම්බාඩෝ පවසයි.

ප්‍රහාරකයාගේ සහෝදරයා වන එරික් පැඩොක් මාධ්‍යයට පවසා ඇත්තේ ස්ටෙෆන් මෙවැනි දෙයක් සිදුකිරීම තමන්ට අදහාගැනීමට නොහැකි බවයි. පවුලේ සාමාජිකයන් බියට පත්ව සිටින බවත් ප්‍රහාරයට සම්බන්ධ වූවන් වෙත කණගාටුව පල කරන බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 406 දෙනකු රෝහල් ගත කර සිටින බව නවතම වාර්තාවල දැක්වේ.

(බීබීසී) 

Rate this item
(0 votes)