April 19, 2024

ලාස්වේගාස්හි ප්‍රසංගයක වෙඩි තැබීමක් (VIDEO)

ඇමරිකාවේ ලාස් වේගාස්හි එළිමහන් ස්ථානයක පැවැත්වුණු සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීමකින් 50දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විශාල පිරිසක් ප්‍රසංගය නැරඹීම සඳහා රැස් වී සිටි බවත් අසල පිහිටි හෝටලයේ 32 වැනි මහලේ සිට ප්‍රේක්ෂකයන්ට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි.

ප්‍රහාරය සඳහා තුවක්කු කරුවන් දෙදෙනකු හෝ තිදෙනකු සහභාගී වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. 

ජනප්‍රිය ඇමරිකානු ගායකයෙකු වන ජේසන් ඇල්ඩීන් වේදිකාවේ ගීතයක් ගයමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවි ඇති අතර බියෙන් තැතිගත් දහස් ගනනක් පිරිස හිස් ලූ ලූ අත පලා ගිය බව වාර්තා වේ.

ලාස්වේගාස් රෝහලට තුවාල කරුවන් 200 දෙනකු ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

 (බීබීසී)

Rate this item
(0 votes)