April 24, 2024

සංචාරකයින් මිලියන 300ක් අයිෆල් කුළුණ නැරඹීමට

September 30, 2017

සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 300ක් ලෙස වාර්තා වී තිබේ.

එය උත්කර්ෂවත්ව සැමරීමට කටයුතු කර ඇත.

උසින් මීටර් 324ක් වු අයිෆල් කුළුණ සංචාරකයින්ට විවෘත කෙරුණේ 1889 වසරේ වන අතර එම වසරේ සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 300ක් එම කුළුණ නැරඹීමට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍යවල සදහන් වේ.

එය සැමරීම සඳහා කුළුණ විදුලි බුබුලුවලින් අලංකාර කර සංගීතය ද මුසු කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වීමට ප්‍රංශය කටයුතු කර ඇත.

වාර්ෂිකව මෙම කුළුණ නැරඹීමට සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණෙන අතර පසුගිය වසරේ පමණක් එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5.8කි.

 

Rate this item
(0 votes)