April 24, 2024

මොර්සි හිතවාදීන්ට මරණ දඬුවම

ඊජිප්තුවේ බලයෙන් පහ කළ හිටපු ජනාධිපති මොහමඩ් මොර්සි හිතවාදී මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ ආධාරකරුවන් 529 දෙනකුට එරට උසාවිය මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වේ.

පොලිස් නිලධාරියෙක් මරා දැමීම සහ පොලීසියකට පහරදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් වරදකරුවන් වී තිබේ.

මොර්සි බලයෙන් නෙරපා හැරි ජූලි මාසයේ සිට එරට ආණ්ඩුව ඉස්ලාම්වාදීන්ට එරෙහි දැඩි මර්දනයක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 March 2014 10:26