March 29, 2024

ඇන්ගලා යලි බලය හිමිකර ගනී

September 25, 2017

ජර්මනියේ ඊයේ  (24) මහ මැතිවරණයෙන් චාන්සලර් ඇන්ගලා මර්කල් (Angela Merkel) මේ වන විටත් ජය ගෙන ඇති බව අලුතින් නිකුත් කොට ඇති ප්‍රතිපල මගින් පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රතිපල අනුව අනුව චාන්සලර්වරියගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායකත්වය දෙන (CDU/CSU) කොන්සර්වේටිව් සන්ධානය දෙන ලද ඡන්ද වලින් 32.5% ක් ලබා ඇති අතර ජර්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් ඊයේ (24) ආරම්භ වූ අතර මහජන මත විමසුම් අනුව චාන්සලර් ඇන්ගලා (Angela Merkel) නායකත්වය දෙන දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඊට අනුබද්ධ සුළු දේශපාලන පක්ෂයක් පැහැදිලිව ඉදිරියෙන් සිටින බවක් පෙන්නුම් කෙරෙන බව විදෙස් වාර්තා පැවසීය.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජය ගත්තොත් බලයේ සිටින චාන්සලර් ඇන්ගලා මර්කල් හතරවැනි වතාවටත් ජර්මනියේ පාලන බලය හිමිකර ගනු ඇත.

චාන්සලර්වරියගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදී බලවේගය වන්නේ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයයි.

ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගනු ලබන්නේ ඡන්දදායක කොට්ඨාශ සහ සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකිනි.

ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) ආසන හයසිය තිහකින් යුක්ත වෙයි.

සමානුපාතික ක්‍රමය යටතේ නියෝජනයක් ලබා ගැනීමට සුදුසුකම් ලබා ගැනීමට නම් ඒ ඒ දේශපාලන පක්ෂ 5% ක ඡන්දයක් ලබා ගත යුතු අතර මෙම මැතිවරණයට තරඟ වදින සුළු පක්ෂ එම අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීම සඳහා දුෂ්කර අරගලයක නිරත වෙමින් සිටින බව ජර්මනියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

මෙවර මැතිවරණයේ දී දක්ෂිනාංශික ජාතික පක්ෂයක් වන (Alternative for Germany or AfD) ජාතික මට්ටමේ දේශපාලනය තුළට පළමු වරට සුදුසුකම් ලබන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් එම වාර්තා සඳහන් කරයි.

 (බී.බී.සි)

 

Rate this item
(0 votes)