April 20, 2024

උතුරු කොරියාවෙන් ජපානයට තවත් මිසයිලයක්

September 16, 2017

උතුරු කොරියාව දෙවන වරටත් ජපානය දෙසට බැලිස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජගත් සංවිධානය උතුරු කොරියාවට නව සම්බාධක පනවා දින කිහිපයකට පසුව මෙලෙස මිසයිලය අත්හදා බලා තිබේ.

එය ජපානයට ඉහළින් කිලෝමීටර් 770ක දුරක් ගමන් කර හොක්කයිඩෝ දිවයිනට ඔබ්බෙන් පිහිටි ශාන්තිකර සාගරයට පතිත වූ බවයි වාර්තා වේ. දකුණු කොරියාව සහ අමෙරිකාව මෙම මිසයිල අත්හදාබැලීම පිලිබඳව තොරතුරු විශ්ලේෂණය කරන බව දකුණු කොරියා ආරක්ෂක අංශ සඳහන් කළේය.

පසුගිය මාසයේදීද උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් අත්හදා බලා තිබුණි.

නවතම මිසයිල අත්හදාබැලිමට ප්‍රතිචාර ලෙස දකුණු කොරියානු හමුදාව ජපාන මුහුදේදී යුද අභ්‍යාසයක නිරත වූ බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා කර ඇත. මේ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවීමට ද නියමිතය.

(බීබීසී)

Rate this item
(0 votes)