April 19, 2024

ඉර්මා නිසා පීඩාවට පත්වූවන්ට යුරෝපීය රටවලින් සහන

September 13, 2017

ඉර්මා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වු කැරිබියානු දූපත් සඳහා සහන සැලසීමට යුරෝපීය රටවල් පෙරමුණ ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දූපත්වල සංචාරයක නිරත වෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රෝටන් පවසා ඇත්තේ කුණාටු තත්ත්වයෙන් විපතට පත් දූපත් සඳහා සහන සැලසීම කඩිනම් කිරීමට කටයුතු කරන බවයි.

ඔහු පවසා ඇත්තේ දෙවන ලෝක යුද්ධයට පසුව මෙම දූපත් වෙත යොමු කෙරෙන විශාලතම ගුවන් සහනාධාර තොගය අදාළ දූපත් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සහ නෙදර්ලන්ත රජු ද සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු දූපත්වල සංචාරය කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)