April 20, 2024

ඇමරිකාවේ ජන ජිවිතයට "ඉර්මා" නිසා බලපෑම්

September 12, 2017

ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට කඩා වැඳුණු ඉර්මා චන්ඩ මාරුතයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියාමි ප්‍රදේශයේ ස්ථාන රැසක් ජලයෙන් යටව පවතී. විදුලි බලය ඇණහිට ඇති නිවාස සංඛ්‍යාව ලක්ෂ 25කට අධිකය. පැයට කිලෝ මීටර 169ක වේගයකින් ඉර්මා චණ්ඩ මාරුතය ෆ්ලොරීඩාහි බටහිර වෙරළ තීරයෙන් අමෙරිකාවට ඇතුළු වී තිබේ. මේ වන විට එහි ප්‍රබලත්වය දෙවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා පහළ දමා ඇතැයි සදහන් වේ.

ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ලක්ෂ 63කට ආසන්න පිරිසකට ඉර්මා චණ්ඩ මාරුතය හේතුවෙන් ඉවත්වන ලෙසට බලධාරීන් දැනුම් දී තිබුණි.

විපත පත්වූවන්ට කඩිනමින් ආධාර හා හදිසි ආපදා තත්වයක් සදහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දී තිබේ.

ඉර්මා චණ්ඩා මාරුතය කැරබියන් කලාපීය දූපත් රැසකට ද දැඩි බලපෑම් එල්ල කර ඇත. කියුබාව, බාබියුඩා, බ්‍රිටීෂ් වර්ජින් දූපත් රැසකට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ. කියුබාව, බාබියුඩා, බ්‍රිටීෂ් වර්ජින් දූපත් ඇතුළු රටවල් රැසක වාර්තා වූ මරණ සංඛ්‍යාව 28කි.

දශක ගණනාවකින් 5 වන කාණ්ඩයේ චණ්ඩ මාරුතයකින් කැරබියන් දූපත් කලාපය දැඩි බලපෑමට ලක්වූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)