March 29, 2024

මෙක්සිකෝවේ දරුණු භූකම්පනයෙන් 58ක් මරුට

September 11, 2017

මෙක්සිකෝවේ දකුණු ප්‍රදේශයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ඕක්සාකා ප්‍රදේශයේ වන අතර එම සංඛ්‍යාව 45ක් බවත් රිච්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයකින් හටගත් භූ කම්පනයෙන් ජුචිටාන් ප්‍රදේශයට වැඩි බලපෑමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

මුදාගැනීමේ මෙහෙයුම් සිදුකළ පොලිස් නිළධාරියෙකු ද ජුචිටාන් ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිර වී ඇති බව සඳහන් වේ.

භූමිකම්පාවෙන් නිවාස 1700ක්,  පාසල් 700 ක් හා තවත් ගොඩනැගිලි 18කට හානි සිදුව තිබෙන අතර සුනාමි අනතුරු ඇගවීමක් හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල පුද්ගලයින් දසදහසක් පමණ ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

(බීබීසී)

Rate this item
(0 votes)