April 18, 2024

ඇෆ්ගනිස්ථානයේ නඩීර් ෂා ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක්

September 07, 2017

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ නඩීර් ෂා ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයට අයත් ප්‍රධාන අණ දෙන නිලධාරීවරයෙකු ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශවලට අයත් නියමුවන් රහිත ජෙට් යානයක් මඟින් මෝටර් රථයකින් පලා යමින් සිටි සටන්කාමීන් පිරිසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් මියගිය සටන්කාමීන් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය විසින් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)