April 24, 2024

චීනය රුසියාව උතුරු කොරියාවේ වැඩ ගැන කණගාටුවෙන්

September 05, 2017

උතුරු කොරියාව විසින් සිදු කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලිම චීනය සහ රුසියාව දැඩි ලෙස හෙළාදැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව පවසන්නේ මෙම න්‍යෂ්ටික පිපිරවිම සාමය සහ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවයි.

ජපාන විදේශ අමාත්‍ය ටාරෝ කෝනෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාව සමාව දිය නොහැකි කරුණක් බවයි.

එමෙන්ම තවත් රටවල් රැසක් උතුරු කොරියාවේ මෙම අත්හදා බැලීම හෙළා දැක තිබේ.

විශේෂයෙන් ජපානය සහ දකුණූ කොරියාව ද පෙරේදා (03)  මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණි.

 

Rate this item
(0 votes)