April 25, 2024

ජපානයට උතුරු කොරියාවෙන් මිසයිලයක්

උතුරු කොරියාව ජපානය දෙසට මිසයිලයක් එල්ල කර ඇති බවත් කෙසේ වෙතත් එය හොක්කයිඩෝ දිවයිනට ඔබ්බෙන් පිහිටි ශාන්තිකර සාගරයට පතිත වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිසයිලය පතිත වීමට පෙර එය කොටස් තුනකට කැඩී ගොස් ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

වසර 8කට පසුව ජපානය දෙසට එල්ල කෙරුණු ප්‍රථම මිසයිලය මෙය බව සඳහන් කරන අතර උතුරුදිග ජපානය හරහා ගමන් කළ මෙම මිසයිලයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව එන් එච් කේ රුපවාහිනිය ප්‍රකාශ කර තිබේ.

ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා කරන බව ජපාන අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශ කර ඇති අතර මෙය පෙර නොවූ විරූ තර්ජනයක් බව එරට ප්‍රධාන කැබිනට් ලේකම් යොෂීහිඩේ සුගා කියා සිටියේය.

ජපානය ඊට ප්‍රතිචාර දැක්වීම සදහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවත් උතුරු කොරියාව පසුගිය සතියේ ද කෙටි දුර මිසයිල තුනක් අත්හදා බලා තිබුණ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)