April 18, 2024

හාවි කුණාටුවෙන් හූස්ටන් නගරය ජලයෙන් යටවෙයි

හාවී කුණාටුවත් (Hurricane Harvey) සමඟ හූස්ටන් නගරයේ මහා මාර්ග ගංගා බවට පත්ව ඇතැයි ඇමෙරිකානු වාර්තා මගින් පැවසෙයි.

නොකඩවා ඇද වැටෙන ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර සමඟ පොර බදමින් සිටින හූස්ටන් නගර බලධාරීන් තවත් දස දහස් සංඛ්‍යාත ජනකායකට ගේදොර හැරදා ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුරට ගොදුරු වූ දෙදහසක පමණ ජනතාව බේරා ගනු ලැබ සිටින අතර තවත් දහස් ගණනක් හදිසි සේවාවන්හි පිළිසරණ පතමින් තවමත් බලා සිටින බවත් එම වාර්තා මගින් පැවසෙයි.

ජලයෙන් යට වූ නිවෙස්වල වහල මත රැඳී සිටින ජනතාව ඉවත් කර ගැනීම සඳහා විස්සකට අධික හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඇති බවත් ලොකු කුඩා බෝට්ටු සිය ගණනක් මහජනයා බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව ඇති බව බීබීසී පවසයි.

(බීබීසී)

Rate this item
(0 votes)