March 28, 2024

රුසියාවේ ගින්නක් නිසා හදිසි තත්වයක්

රුසියාවේ රෝස්ටොෆ්  ඔන් ඩොන් නගරයේ හටගත් ගින්නකින් ප්‍රදේශයේ ජන ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ප්‍රදේශය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇත්තේ දැවයෙන් තැනූ නිවෙසක් තුළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරුව එය ක්‍රමයෙන් අසල්වැසි නිවෙස් කරා ද ව්‍යාප්ත වී ඇති බවත්  ගින්නෙන් බොහෝ දෙදෙනු තුවාල ලබා ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් දෙදහසක් පමණ සහභාගී වී ඇති අතර නිවාස 80ක් පමණ ගින්නෙන් විනාශ වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

පුද්ගලයින් 600 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් ගින්න හටගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)