April 18, 2024

මෙරට අත්අඩංගුවට පත් ඉන්දීය ධිවරයින් නිදහස් කරන්නැයි තමිල්නාඩුවේ විරෝධතා

ශ්‍රී ලංකා  අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වහා නිදහස් කරන ලෙසට බලකරමින්  තමිල්නාඩු ධීවරයින් ඊයේ (09) සිට ධීවර කටයුතුවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ තමිල්නාඩුවේ පුදුකෝට්ටේ හා රාමනාදන්පුරම්හි ධීවරයින් පිරිසක් විසින් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු පෙරේදා (08) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් පැමිණි යාත්‍රා 12ක්ද නාවික හමුදාව බාරයට ගෙන තිබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ආසන්නතම සිද්ධිය මුල් කර ගනිමින් තමිල්නාඩු ධීවරයින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)