April 24, 2024

චීනයේ භුකම්පනයකින් 13ක් මරුට (VIDEO)

නිරිත දිග චීනයේ සිචුවෑන් පළාතේ භූ කම්පනයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් මේ වනවිට තුවාල ලබා ඇති බවත් භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.5ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් වාර්තාවන්ට අනුව මියගිය පිරිස මීට වඩා බොහෝ සෙයින් ඉහළ යා හැකි බව බී.බී.සී මාධ්‍ය වාර්තා කළේ ය.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ සංචාරකයින් බහුල ප්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බවය.

ඊයේ රාත්‍රී 09.20ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර පළාත් අගනුවර වන චෙන්ග්ඩු අගනුවරට උතුරු දෙසින් කිලෝමීටර 10ක ගැඹුරු මට්ටමින් මෙම කම්පනය සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තාවන්හි දක්වා ඇත්තේ ප්‍රදේශයේ ඇතැම් ගොඩානැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි.

සිචුවෑන් පළාත බොහෝ ලෙස භූකම්පනවලට ගොදුරු වන නගරයක් ලෙස සැලකෙන අතර විදෙස් වාර්තාවන්හි දක්වා ඇත්තේ 2008 වසරේදී චීනයට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයින් 70,000 කට වැඩි පිරිසක් මියගිය බවය.

(බීබීසී)

Rate this item
(0 votes)